Tuesday, May 16, 2017

Ransomware

Ransomware


What is ransomware?
Ransomware is a malware that stealthily gets installed in your PC or mobile device and holds your files or operating system functions for ransom. 
It restricts you from using your PC or mobile device, and from accessing your files (files are sometimes locked or encrypted), unless you pay the ransom (in exchange for file decryption).



What does a ransomware attack look like?

Ransomware targets your pictures, documents, files, and data that are personally invaluable.
You can tell that you are under attack when you see any of the following:
  • Ransomware note
  • Encrypted files
  • Renamed files
  • Locked browser
  • Locked screen

Where can a ransomware attack happen?

Computers and mobile devices.

When can a ransomware attack start?

Potential victims can fall into the ransomware trap if they are:
  • Browsing untrusted websites
  • Not careful about downloading or opening file attachments which are known to contain malicious code from spam emails. That also includes compressed files or files inside archives. 
    • Office files that support macros (.doc, .xls, .docm, .xlsm, .pptm, etc.)
  • Installing pirated software, outdated software programs or operating systems
  • Using a PC that is connected to an already infected network

How can you avoid and bounce from a ransomware attack?

Prevention

  • Keep your Windows Operating System and antivirus up-to-date.  Upgrade to Windows 10.
  • Regularly back-up your files in an external hard-drive.
  • Enable file history or system protection. In your Windows 10 or Windows 8.1 devices, you must have your file history enabled and you have to setup a drive for file history.
  • Use OneDrive for Consumer or for Business.
  • Beware of phishing emails, spams, and clicking malicious attachment.
  • Use Microsoft Edge to get SmartScreen protection. It will prevent you from browsing sites that are known to be hosting exploits, and protect you from socially-engineered attacks such as phishing and malware downloads.
  • Disable the loading of macros in your Office programs.
  • Disable your Remote Desktop feature whenever possible.
  • Use two factor authentication.
  • Use a safe and password-protected internet connection.
  • Avoid browsing web sites that are known for being malware breeding grounds (illegal download sites, porn sites, etc.).














Friday, February 10, 2017

EPF හා ETF ගැන දැනගන්න


සේවකයෙක්‌ ලෙසට ඔබට සේවක අර්ථසාධක අරමුදල් හිමිකම නොලැබේ නම් ඔබ කළ යුත්තේ වහාම ප්‍රදේශයේ කම්කරු කාර්යාලයට ගොස්‌ ඒ පිළිබඳ ලිඛිත පැමිණිල්ලක්‌ කිරීමයි. ඔබේ අනන්‍යතාව හෙළි කිරීම අත්‍යවශ්‍ය නොවන අතර සේවා යෝජකයා පිළිබඳ තොරතුරු, සේවකයන් ගණන, වැටුප් විස්‌තර ආදිය ඉදිරිපත් කළ යුතුය. ඒ මගින් ඔබේ අයිතිය සුරැකෙන අතර සේවා යෝජකයාගෙන් දඩ මුදලක්‌ද සමඟ අයකර ගැනීමට කම්කරු නිලධාරීන් කටයුතු කරන අතර ඒ සඳහා අවශ්‍ය නම් මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පවා කම්කරු නිලධාරීන්ට බලය තිබේ.
ඊ.පී.එෆ්. යන කෙටි නමින් ප්‍රචලිත සේවක අර්ථසාධක අරමුදල් හිමිකම සහ ඊ.ටී.එෆ්. යන කෙටි නමින් ප්‍රචලිත සේවා නියුක්‌තිකයන්ගේ භාර අරමුදල් හිමිකම පිළිබඳ මෙම ලිපියෙන් කෙටි පැහැදිලි කිරීමක්‌ සිදු කෙරෙන අතර ගැඹුරු නීතිමය විග්‍රහයක්‌ හෝ පනත් වගන්ති සමඟ පැහැදිලි කිරීමට අපේක්‍ෂා නොකරන නමුත් අත්‍යවශ්‍ය අවස්‌ථාවලදී පමණක්‌ එසේ සිදු කෙරෙනු ඇත. විශ්‍රාම වැටුප් හිමිකම නොලබන රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවකයන් මූලිකවම ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. සඳහා හිමිකම් කියනු ලබයි.
ඊ.පී.එෆ්. හෙවත් සේවක අර්ථසාධක අරමුදල 1958 දී සම්මත වූ පනතක්‌ ප්‍රකාරව ලද හිමිකමක්‌ වන අතර සේවක සුබසාධනය සහ සේවක අනාගත ආරක්‌ෂණය මූලිකම අරමුණු වී තිබේ. මේ සඳහා සේවකයා සහ සේවා යෝජකයා යන දෙදෙනාම දායක විය යුතු අතර මාසික වැටුප පදනම් කර ගනිමින් දායකත්වය තීරණය වේ. වර්තමානය වන විට ඊ.පී.එෆ්. හිමිකම සඳහා රාජ්‍ය අංශයේ සහ පළාත් පාලන, පළාත් සභා ආදිය යටතේ සේවය කරන විශ්‍රාම වැටුප් හිමිකම නොමැති සියලු දෙනාද පෞද්ගලික අංශයේ සියලු දෙනාද හිමිකම් ලබයි. ආගමික ආයතන, පුණ්‍ය ආයතන සහ සමාජ සේවා ආයතන ලෙස වර්ගීකරණය කර තිබෙන ආයතන ආදී ස්‌වල්ප ආයතන ප්‍රමාණයක්‌ පමණක්‌ මේ හිමිකමෙන් ඉවත් කර තිබේ. රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික යන ඕනෑම අංශයක ඕනෑම ආකාරයේ ව්‍යාපාරයක සේවය කරන අන් සියලු දෙනා මෙම ඊ.පී.එෆ්. හිමිකම ලැබිය යුතුය. එහිදී වැඩ කරන සේවකයන්ගේ ප්‍රමාණය වැදගත් නොවන අතර එක්‌ සේවකයෙක්‌ සේවය කරන කුඩා ව්‍යාපාරයක්‌, වෙළෙ¹මක්‌ ආදී ඕනෑම ස්‌ථානයක සේවකයා හෝ සේවකයෝ මෙම පනත ප්‍රකාර සේවක අර්ථසාධක අරමුදල් හිමිකම සඳහා සුදුසුකම ලබයි.
ඉහත පරිදි ඕනෑම ප්‍රමාණයේ ආයතනයක, එය තනි පුද්ගල ව්‍යාපාරයක්‌a, හවුල් ව්‍යාපාරයක්‌, සමාගමක්‌ ආදී කුමන තත්ත්වයක පැවතියත්, සේවකයෙක්‌ බඳවා ගත්තේ නම් එලෙස බඳවාගෙන දින 14 ක්‌ තුළ කම්කරු දෙපාර්තමේන්තුවට දන්වා අවශ්‍ය ලියාපදිංචි කිරීම් කළ යුතු අතර සේවයට බඳවාගත් පළමුදින පටන්ම සේවක අර්ථසාධක අරමුදල සඳහා හිමිකම ලැබිය යුතුය. මෙම සේවක අර්ථසාධක අරමුදල ගණනය කළ යුත්තේ කෙසේද? යන්න නිතර විමසන ගැටලුවකි. එය සේවකයා වෙත ගෙවන මූලික වැටුප පදනම් කරගෙන ගෙවීම වැරැදි වන අතර නීතිය ප්‍රකාරව අතිකාල අඩුකොට අනෙකුත් සියලුම දීමනා සහිත මුළු වැටුප පදනම් කරගත යුතුය. දිනපතා වැටුප් ලබන, සතිපතා වැටුප් ලබන, මාස්‌පතා වැටුප්, කෑලි පදනමට වැටුප් ලබන ආදී ඕනෑම අයෙක්‌ මේ සඳහා හිමිකම් ලැබිය යුතු අතර ස්‌ථිර, කොන්ත්‍රාත්, අනියම්, තාවකාලික, පරිවාස ආදී ඕනෑම තත්ත්වයක සිටින අය මේ සඳහා හිමිකම් ලබයි. එපමණක්‌ නොව සේවා යෝජකයා විසින් යම් ආහාර දීමනාවක්‌ ලබා දෙන්නේ නම් එය පවා මේ ගණනය කිරීමට අදාළ කරගත යුතුය. මෙලෙස ගෙවන වැටුපෙන් 8% ක්‌ සේවක අර්ථසාධක අරමුදල සඳහා අඩුකළ යුතු අතර සේවා යෝජකයා විසින් අනිවාර්යයෙන් 12% ක අවම මුදලක්‌ සිය දායකත්වය ලෙස ගෙවිය යුතු අතර මෙම 8% සහ 12% යන ප්‍රතිශත දෙපාර්ශ්වයේ එකඟතාවයෙන් තවත් අවශ්‍ය නම් ඉහළ නංවාගත හැකි නමුත්, එලෙස වැඩිකළ ප්‍රතිශතයන් නැවත අඩු කළ නොහැකි බවද සිහියේ තබාගත යුතුය.
ඔබ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යන සේවායෝජකයෙක්‌ නම් වහාම කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී අවශ්‍ය උපදෙස්‌ ලබාගෙන දායක මුදල් ගෙවිය යුතු අතර මාසිකව සේවකයාගේ වැටුපෙන් අඩුකරන මුදලත්, සේවා යෝජකයාගේ දායකත්වයත් යන දෙකම එළැඹෙන ඊළඟ මාසය තුළදී අදාළ ලේඛන පුරවා යෑවිය යුතුය.
මෙම රජය මගින් පවත්වාගෙන යන සේවක අර්ථසාධක අරමුදලට පරිබාහිර පෞද්ගලික අර්ථසාධක සහ විශ්‍රාම වැටුප් අරමුදල් පවත්වාගෙන යන සමාගම්ද වේ. විශේෂයෙන් 1958 දී මෙම සේවක අර්ථසාධක අරමුදල් පනත සම්මත වන විටත් මෙවැනි අරමුදල් ක්‍රියාත්මක වූ පෞද්ගලික සමාගම් සඳහා තවදුරටත් එම අරමුදල් එලෙසම පවත්වාගෙන යැමට කම්කරු කොමසාරිස්‌ ජනරාල්වරයා අවසර දී ඇතත් නියාමනය කිරීමේ සහ අවශ්‍ය නම් එම අරමුදල් අවලංගු කර රජය යටතට ගැනීමේ බලය කම්කරු කොමසාරිස්‌ ජනරාල්වරයාට ඇත.
මෙම සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා සීමාවන් කිහිපයක්‌ම පනවා තිබේ. සේවක අර්ථසාධක අරමුදල ලබාගත හැකි අවස්‌ථා වන්නේ,
අ. වයස අවුරුදු 55 පිරී ඇති පිරිමි සේවකයන්ට සහ වයස අවුරුදු 50 පිරී ඇති කාන්තා සේවකයන්ට රැකියාවෙන් අස්‌වූ විට,
ආ. විවාහය හේතු කොටගෙන රැකියාවෙන් ඉවත් වූ කාන්තා සේවකයන්ට,
ඇ. පූර්ණ සහ සදාකාලික ආබාධයක්‌ නිසා රැකියා කිරීම නුසුදුසු බවට පිළිගත් වෛද්‍යවරයකු වෛද්‍ය සහතිකයක්‌ නිකුත් කර ඇති අවස්‌ථාවක,
ඈ. ස්‌ථිර පදිංචිය සඳහා විදේශගත වන අවස්‌ථාවක
ඉ. රාජ්‍ය, පළාත් පාලන හෝ පළාත් සභා සේවයේ විශ්‍රාම වැටුප් සහිත රැකියාවක්‌ සඳහා පත්වීමක්‌ ලද අවස්‌ථාවක ආදී සීමිත අවස්‌ථාවලදී පමණි.
සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකත්වය ගෙවමින් සිටින සේවකයෙක්‌ මියගිය අවස්‌ථාවක යම් අයෙක්‌ නම් කර තිබේ නම් ඒ නම් කළ තැනැත්තාට හෝ නොඑසේ නම් යෑපෙන්නන්ට සේවක අර්ථසාධක අරමුදල් හිමිකම සඳහා අදාළ ලේඛන පුරවා අයදුම්කර ලබාගත හැක. තවද,
2012 අංක 02 දරන සංශෝධන පනතින් නිවාස ඉදිකර ගැනීමක්‌ හෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමක්‌ සඳහා දැනට සේවකයාගේ ගිණුමට බැරවී තිබෙන මුදලින්
30% ක්‌ ලබා ගැනීමේ අවස්‌ථාව උදාවී තිබේ. එහිදී නිවසක්‌ ඉදිකර ගැනීමේ අර්ථකථනය තුළ තමන්ට හිමි ඉඩමක නිවසක්‌ තැනීමට, ඉඩමක්‌ මිලදී ගැනීමට, නිවසක්‌ මිලදී ගැනීමට, නිවාස අවශ්‍යතාවකට, දැනටමත් ලබාගෙන තිබෙන උකසක්‌ නිරවුල් කිරීමට, නිවාස ණය ගෙවා අවසන් කිරීමට ආදී අවස්‌ථා ආවරණය කර තිබේ. වෛද්‍ය ප්‍රතිකාර යන අර්ථකථනය තුළ සාමාජිකයාට, බිරිඳට හෝ යෑපෙන්නන්ට හෘද සැත්කම්, බයිපාස්‌ සැත්කම්, පිළිකා සැත්කම් හා ප්‍රතිකාර, වකුගඩු සැත්කම් හා ප්‍රතිකාර, සීසර් සැත්කම් සහ අනතුරක්‌ හේතුවෙන් දින හා හතරකට වඩා රෝහල් ගතව නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම් ආදිය දක්‌වා තිබේ.
සේවා නියුක්‌තිකයන්ගේ භාර අරමුදල හෙවත් ඊ.ටී.එෆ්. 1980 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අතර සේවක අර්ථසාධක අරමුදල සඳහා හිමිකාරිත්වය තිබෙන සියලු දෙනාම මේ සඳහා ද හිමිකම් දරයි. සේවකයන්ගෙන් මේ සඳහා දායකත්වයක්‌ ලබා නොගන්නා අතර සේවක අර්ථසාධක අරමුදල මෙන්ම සියලු දීමනා සහිත වැටුප පදනම් කරගෙන, සියලුම සේවා යෝජකයෝ 3% ක දායකත්වයක්‌ මාස්‌පතා ගෙවිය යුතුය. සේවා නියුක්‌තිකයන්ගේ භාර අරමුදල සඳහා දායකත්වය ගෙවීම පැහැර හරින සේවා යෝජකයන්ටද සේවක අර්ථසාධක අරමුදලේ දී මෙන්ම මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා අධිභාර සමඟම අයකර දීමේ බලතල කම්කරු නිලධාරීන්ට පවරා දී තිබේ.
මෙම සේවා නියුක්‌තිකයන්ගේ භාර අරමුදල්, සේවකයා සේවයෙන් අස්‌කළ විට හෝ ඉල්ලා අස්‌වූ විටදී සේවකයාට ලබා ගැනීමේ අවස්‌ථාව දී තිබේ. නමුත්
රැකියාවෙන් අස්‌වීමේ හේතු මත ප්‍රතිලාභ ලබාගත හැක්‌කේ වසර පහකට වරක්‌ පමණි. අනෙකුත් අවස්‌ථා සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ගැනීමේදී මෙනි.
සේවකයන් ලෙසට මෙකී සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්‌තිකයන්ගේ භාර අරමුදල සඳහා තිබෙන හිමිකම ආරක්‌ෂා කරගැනීම සඳහා අවදියෙන් සිටිය යුතු අතර සේවා යෝජකයන්ද සිය සේවකයන් සඳහා මේ ප්‍රතිලාභ නිසි පරිදි ලබාදීමේ වගකීම ඉටු කරන්නේ නම් නඩු කටයුතු, අධිභාර ගෙවීම ආදී ගැටලු වළක්‌වාගත හැකි බැව් සිහියේ තබා ගැනීම මැනවි.

Wednesday, February 1, 2017



National Youth Corps -  Wariyapola center located at Usawiya Mawatha, Wariyapola.
Started in 2003.

Address : National Youth Corps Training Center, Court Road, Wariyapola.
Tel          : 037-22 68 375/037-39 73 575
email      : wariyapola@youthcorps.lk

3283 rangers have been trained within 15 groups since 2003.